ඔබගේ පාඨකයෙකු ප්‍රසිද්ධ කරන්න 2


Make a Reader Famous

Make a Reader Famous

ඔබට ප්‍රසිද්ධ වීමට අවශ්‍යද? ඔබව සහ ඔබගේ ක්‍රියා අන් අය හදුනා ගන්නවාට කැමතිද? අන් අයට යම් ආකාරයක බලපෑමක් සිදු කිරීමට කැමතිද?
බොහෝ බ්ලොග් නිර්මාන කරුවන් ගේ අදහස සහ ඉලක්කය මින් එකක් හෝ කීපයක් වීම සාමාන්‍යය. මේයත් සමගම මුදල් ඉපයීමත් බොහෝ නිර්මාන ශිල්පීන් ගේ අරමුනයි, තවත් පිරිසක් මේ ලෝකය මීට වඩා හොද තත්වයකට ගෙන ඒමටද උත්සහයක් දරයි. නමුත් මේ සෑම බ්ලොග් නිර්මාන ශිල්පියෙකුගෙම අරමුන හැකි තාක් පාඨකයන් වෙත ඔවුන්ව සහ ඔවුන් ගේ නිර්මාන හදුනාවා දීමයි.

ඉතින් අද අපි දින 31කින් වඩාත් හොද බ්ලොග් අඩවියක් තුලින් ඔබට ලබා දෙන අභියෝගය වන්නේ, ඔබවම සහ ඔබගේම අඩවිය ප්‍රකට කරවීම මදකට නතර කර, ඔබගේ පාඨකයෙකු වන වෙනත් නිර්මාන කරුවෙකු සහ ඔහුගේ බ්ලොග් අඩවිය ඔබගේ අඩවිය තුලින් ප්‍රකට කිරීමය.

ඔබගේ පාඨකයෙකු තෝරා ගන්න, ඔබට එතරම් පාඨකයන් නොමැතිනම් ඔබගේ විෂයට අදාල වෙනත් එතරම් ප්‍රකට නැති අඩවියක් තෝරා ගන්න, ඉන් පසු එම පාඨකයාව හෝ අඩවිය ඔබගේ අඩවිය තුල ප්‍රසිද්ධ කරන්න.
පහත දක්වා ඇති ක්‍රම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.

පාඨක අදහසක් ප්‍රකට කරන්න: ඇතැම් විට සමහර පාඨකයින් ඉතා වටිනා අදහස් සහ මගපෙන්වීම් ඇති අදහස් (Comments) ඔබගේ ලිපි සදහා පල කර ඇත, මෙම අදහස් දැක බලා ගත හැක්කේ සමහර විට ඉතා සුලු පිරිසකට පමනක් විය හැකිය, එබැවින් එවැනි අදහසක් තෝරාගෙන ලිපියක් ලෙස පල කරන්න. එම අදහසේ ඇති ව්ටිනාකම පිලිබදව ඔබගේ අදහස් දක්වා එම පාඨකයාව අනෙක් පාඨකයින්ට හදුන්වා දෙන්න.

ඔවුන් ගේ බ්ලොග් අඩවි පිලිබදව ලිපියක් පල කරන්න: ඔබගේ පාඨකයන් ගේ බ්ලොග් අඩවි ඇතොත් ඒවාට ගොස් ඔබගේ බ්ලොග් අඩවියට ගැලපෙන අඩ්වියක් පිලිබදව නොමිලේම සමාලෝචනයක් ඉදිරිපත් කර ලිපියක් පල කරන්න. එම අඩවියේ ඔබ දකින හොදම ලිපි නම් කර ඔබ එම ලිපි වලට කැමති ඇයි යන්නත් පෙන්වා දෙන්න.

SinhalaBlogger අඩවියේ ඔබගේ අඩවිය පිලිබදව හැදින්වීමක් පල කර ඔබගේ අඩවිය තවත් ප්‍රකට කර ගැනීමට කැමතිද එසේනම් මෙම දින 31කින් වඩාත් හොද බ්ලොග් අඩවියක් ලිපිය තුල ඔබගේ අඩවියට සබැදියකුත් සමග අදහසක් ඉදිරිපත් කරන්න.

වෙනත් අයෙකුගේ අඩවියක අදහස් දැක්වීමට පාඨකයින් යොමු කරන්න: ඔබගේ පාඨකයෙකුගේ අඩවියේ පල කරන ලද ලිපියක් පිලිබදව ඔබගේ අඩවියේ කෙටි ලිපියක් පල කර එම ලිපියට අදහස් දැක්වීමට එම පාඨකයාගේ අඩවියට ඔබගේ පාඨකයන් යොමු කරන්න. ඔබද එම ලිපියට අදහසක් පල කිරීමට අමතක නොකරන්න. 

පාඨකයන් හට ඔවුන් ගේ අඩවි ප්‍රචලිත කර ගැනීමට අවස්ථාවක් ලබා දෙන්න: ඔබගේ පාඨකයන් හට ඔවුන් ගේ නිර්මාන ඇතුලත් අඩවි ඔබගේ අඩවියේ ලිපියක් තුල ප්‍රචාරය කර ගැනීමට අවස්ථාවක් ලබා දෙන්න. මේ සදහා පාඨකයන් ගේ අඩවි පිලිබදව කෙටි හැදින්වීමක් සමග සබැදියක් අදහස් තුල දක්වන මෙන් ඉල්ලා ඔබගේ අඩවියේ සරල ලිපියක් පල කරන්න.

හොදම පාඨකයා: ඔබගේ අඩවියේ සතියේ හොදම පාඨකයා හෝ මාසයේ හොදම පාඨකයා  යනුවෙන් නම් කර සෑම සතියකම එම සතිය තුල ඔබගේ අඩවිය හා වැඩිම වශයෙන් ක්‍රියාකාරීව සහ හොදම ප්‍රතිචාර දැක්වූ පාඨකයාව සහ ඔහුගේ අඩ්වියක් ඇතොත් එය ප්‍රකාශයට පත් කරන්න. මෙහිදී ඔහු පල කර ඇති අදහස් සහ එම අදහස් දක්වා ඇති ලිපි සදහාද සබැදි එක් කිරීමෙන් ඔබගේ අඩවියට වැඩි පිටු නැරඹුමක්ද ලබා ගත හැකිය.

ඔබගේ පාඨකයින් ප්‍රකට කිරීමෙන් ඔබට ලැබෙන වාසිය කුමක්ද?

මෙසේ ඔබගේ පාඨකයෙකුව සහ ඔහුගේ අඩවිය ප්‍රකට කල විට ඔබටත් එයම ලැබෙන බව ඔබ කර්මය විශ්වාස කරනවානම් හෝ තමන් වපුරන දෙම නෙලා ගන්නවා යැයි විශ්වාස කරනවානම් දන්නවා ඇති යැයි මා සිතමි.

සාමන්‍යයෙන් අපේ රට වැනි රටක තවත් අයෙකුගේ අඩවියක් ප්‍රකට කරනව තබා වෙන අඩවියක අදහසක් වත් පල කරන්නේ ඉතා කලාතුරකිනි. නමුත් ඔබ සාරථක වීමට බලාපොරත්තුවෙන් අඩවියක් නිර්මානය කරන අයෙකුනම් එසේ නොවන්න, මන්ද අන්තර්ජාලය සෑදී ඇත්තේ තම්න් ගේ අඩවිත් සමගම අනෙක් නිර්මානශිල්පීන් හා එක්වී සහයෝගයෙන් ක්‍රියා කරන නිසාය. තරගකාරීත්වය නොව සහයෝගයෙන් ක්‍රියා කිරීමට ඔබත් උත්සහ කරන්න.

ඉතින් අද දින ඔබගේ පාඨකයෙකු ප්‍රසිද්ධ කරන්න උත්සහයක් ගෙන අපේ ජාතියෙන් වැලලී යන හොද ගුණාංග නැවතත් පන නන්වා ගැනීමට දායක වන්න.

පිලිතුරක් සපයන්න

2 අදහස් on "ඔබගේ පාඨකයෙකු ප්‍රසිද්ධ කරන්න"

දැනුම් දෙන්න​
avatar
පෙල ගැසුම​:   අලුත්ම | මුල්ම | වැඩිම ඡන්දය දුන්
ඉෂාර මදුශංක
අමුත්තෙකු

ඉතාම වැදගත් තොරතුරක් සහෝ…මන් හිතන්නෙ බ්ලොගින් වලදි සහයෝගයෙන් වැඩ කිරීම ඉතා වටිනවා..අපි අතර තරගයක් තිබෙන්න ඕනෙ නෑ..

wpDiscuz